උපාධිධාරින් භාෂා පරිවර්තන ක්ෂේත්‍රයට බඳවා ගැනීම

(සිංහල – ඉංග්‍රීසි,දෙමළ – ඉංග්‍රීසි, සිංහල – දෙමළ )

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් වෘත්තීය භාෂා පරිවර්තකයන් විසින් ඉටු කරනු ලබයි. භාෂා පරිවර්තන ක්ෂේත්‍රය තුළ රැකියා අවස්ථා බහුලව පැවතිය ද ඒ සඳහා සුදුසුකම් සහිත වෘත්තිකයන්ගේ හිගයක් පවති. මෙම තත්වය සැලකිල්ලට ගෙන භාෂා පරිවර්තනය පිළිබඳ වෘත්තීය සුදුසුකම (DOL Professional Qualification in Translation) පිරිනැමීම සඳහා භාෂා පරිවර්තනය පිළිබඳ ඒක් අවුරුදු පූර්ණ කාලීන වෘත්තීය පාඨමාලාවක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබේ.

පහත සුදුසුකම් සහිත උපාධිධාරීන් ලිඛිත පරීක්ෂණයක ප්‍රතිඵල මත මෙම පාඨමාලාවට තෝරා, උපාධිධාරි අභ්‍යාසලාභින් වශයෙන් බඳවා ගෙන, පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව රජයේ භාෂා පරිවර්තකයන් වශයෙන් රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට අපේක්ෂිතය.

උපාධිධාරින් පහත භාෂා ප්‍රවර්ගයන් තුන යටතේ බඳවා ගනු ලැබේ.

  1. සිංහල – ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ගය
  2. දෙමළ – ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ගය
  3. සිංහල – දෙමළ භාෂා ප්‍රවර්ගය

බඳවා ගැනීමේ කොන්දේසි

  1. ශ්‍රී ලංකාවේ පුරවැසියක් විය යුතුය.
  2. යහපත් චරිතයකින් හා මනා සෞඛ්‍යයකින් යුක්ත විය යුතුය.
  3. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට එකඟ විය යුතුය.
  4. ඉල්ලුම්පත් භාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 21ට වැඩි හා වයස අවුරුදු 35ට අඩු විය යුතුය.
  5. ඉල්ලුම් පත් භාරගන්නා අවසන් දින වන විට අධ්‍යාපන සුදුසුකම් හා අනෙකුත් සුදුසුකම් සපුරා තිබිය යුතුය.

අධ්‍යාපන සුදුසුකම්

(i) සිංහල – ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ගය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් පරිවර්තන අධ්‍යයනය පිළිබඳ විශේෂ උපාධියක් ලබා තිබීම

(ii)දෙමළ – ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ගය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් පරිවර්තන අධ්‍යයනය පිළිබඳ විශේෂ උපාධියක් ලබා තිබීම

(iii)සිංහල – දෙමළ භාෂා ප්‍රවර්ගය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා තිබීම

සහ

අ.පො.ස (සා/පෙළ) හෝ ඊට සමාන විභාගයකදී සිංහල/දෙමළ (මව් බස) සඳහා සම්මාන සාමාර්ථයක්ලබා තිබීම

සහ

අ.පො.ස (සා/පෙළ) හෝ ඊට සමාන විභාගයකදී සිංහල/දෙමළ (දෙවන බස) සඳහා සම්මාන සාමාර්ථයක්ලබා තිබීම

හෝ

සිංහල/දෙමළ (දෙවන බස) සඳහා හෝ භාෂා පරිවර්තනය (සිංහල/දෙමළ භාෂා ප්‍රවර්ගය යටතේ) සඳහා ඩිප්ලෝමාවක් ලබා තිබීම

තෝරා ගැනීමේ ක්‍රමය

රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන ලිඛිත විභාගයක ප්‍රතිඵල මත සහ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව යෝජිත එක් අවුරුදු වෘත්තීය පාඨමාලාව සඳහා තෝරා ගැනේ.

බඳවා ගැනීමේ කොන්දේසි

තමන් අයදුම් කරන භාෂා ප්‍රවර්ගයට අදාළ සෑම ප්‍රශ්න පත්‍රයකටම අවම වශයෙන් 40% ලබා ගන්නා අයදුම්කරුවන් අතරින් පිළිවෙළින් ඉහළම ලකුණු ලබා ඇති අයදුම්කරුවන් 25දෙනා එම භාෂා ප්‍රවර්ගය යටතේ පාඨමාලාව හැදෑරීම සඳහා තෝරා ගැනේ. ඒ ආකාරයට භාෂා ප්‍රවර්ග 03 සඳහා උපාධිධාරීන් 75ක් තෝරා ගැනේ.

තෝරා ගනු ලබන අයදුම්කරුවෙකු ස්වකීය අවස්ථාව ප්‍රතික්ෂේප කරන්නේ නම්, ප්‍රමුඛතා ලැස්තුවේ ඊළඟට වැඩිම ලකුණු ලබා ඇති අයදුම්කරුට අවස්ථාව හිමිවේ.

සෑම උපාධිධාරි අභ්‍යාසලාභීයෙකුට ම මාසයකට ප්‍රමාණවත් දීමනාවක් මෙම වර්ෂයක කාලසීමාව සඳහා ගෙවනු ලැබේ.

විභාගය පැවැත්වීම හා විෂය නිර්දේශය

ලිඛිත විභාග විෂය නිර්දේශය

භාෂා ප්‍රවර්ගයප්‍රශ්න පත්‍රයඅන්තර්ගතයකාලයමුළු ලකුණුසමත් ලකුණු
සිංහල – දෙමළභාෂා පරිවර්තනය -සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවට

භාෂා පරිවර්තනය – දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවට

පරිපාලනමය , නෛතික, විද්‍යාත්මක, තාක්ෂණික, සාහිත්‍ය ලේඛනවලින් තෝරාගත් පාඨ පරිවර්තනය කිරීම
පැය 02 ½


පැය 02 ½
100


100
40


40
සිංහල – ඉංග්‍රීසිභාෂා පරිවර්තනය – සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට

භාෂා පරිවර්තනය – ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල භාෂාවට
පැය 02 ½


පැය 02 ½
100


100
40

40
දෙමළ – ඉංග්‍රීසිභාෂා පරිවර්තනය – දෙමළ භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට

භාෂා පරිවර්තනය – ඉංග්‍රීසි භාෂාවෙන් දෙමළ භාෂාවට
පැය 02 ½


පැය 02 ½
100


100
40


40

[සැ.යු – ලිඛිත විභාගයට පෙනී සිටින විට ශබ්දකෝෂ හා පාරිභාෂික පදමාලාවන්හි දෘඩ පිටපත් පරිශීලනය කිරීමට අවසර හිමිවේ. ඉලෙක්ට්‍රොනික උපකරණ හෝ ජංගම දුරකථන භාවිතය සපුරා තහනම්ය.]

සම්මුඛ පරීක්ෂණය

සම්මුඛ පරීක්ෂණය සඳහා ලකුණු ලබා දීමක් සිදු නොකෙරේ. එය තෝරාගත් අයදුම්කරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා පමණක් පැවැත්වේ.

විභාග පැවැත්වීම

2021 සැප්තැම්බර් මස කොළඹ දී පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

අයදුම්පත් යොමු කළ යුතු අවසන් දිනය

2021 අගෝස්තු මස 20 වැනි දින.

අයදුම්පත් ඉදිරිපත් කිරීම/ යොමු කිරීමේ දී අවධානයට ගත යුතු කරුණු.

  1. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
  2. විභාග සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලබන්නේ විද්‍යුත් තැපෑල මඟින් පමණක් බැවින් නිවැරදි විද්‍යුත් ලිපිනයක් ලබා දීම අනිවාර්ය වේ.
  3. පරිගණක ගත කිරීමේ පහසුව සඳහා අයදුම්පත සම්පුර්ණ කළ යුත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි.
  4. අයදුම්පත සම්පූර්ණ කිරීමේ දී හෝ මේ සම්බන්ධව යම් ගැටලුවක් මතු වේ නම් 011 –2877231 දුරකථන අංකය ඇමතිය හැකිය.